දහම් වරුසා පදනම

"දහම් වරුසා" අපගේ පදනම පිහිටුවා ගැනීමේ අරමුණ වනුයේ අප රටෙහි ඇති දුෂ්කර ප්‍රදේශවල ඇති විහාරස්ථාන වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවන් වහන්සේලාට සෑම වර්ෂයකම සිවුරු සීයක් පූජා කිරීමයි. එම විහාරස්ථානවල වැඩ වාසය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී වැඩ් දියුණු කිරීමයි. එමෙන්ම විවිධ අවස්ථාවන්වලදී අප රටේ විවිධ ප්‍රදේශවල ආර්ථිකමය ලෙස උදව් ඇවැසි පුද්ගලයන් වෙත අවශ්‍ය උපකාර සිදු කිරීමත් අප විසින් සිදුකරනු ලබයි.

** දුෂ්කර පළාත්වල වැඩ වාසය කරන පොඩි හාමුදුරුවන් වහන්සේලාට වගේම පාසල් අධ්‍යාපනය ලබන බොහෝ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම. ** වැඩිහිටි නිවාස වලට අවශ්‍ය උපකරණ ලබාදීම. ** ළමා නිවාසවලට දූ දරුවන්ගේ අවශ්‍ය උපකරණ ලබාදීම. වැනි පින්කම් අප දැනටමත් ආරම්භ කර ඇත.

දැනටත් අප විවිධ අවස්ථාවන් හිදී විවිධ ප්‍රදේශවල පින්කම් රාශියක් සිදුකර තිබෙනවා. මෙම ප්‍රයත්නය හුදෙක් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් හා රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසාය.

"දහම් වරුසා " පදනම සමඟ මෙත් සිතින් අත්වැල් බැඳ සිටින දෙස් විදෙස් සුපින්වතුන්ගේ දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි මහඟු පින්කම් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිට්මු .

කිතුල්ගල සමිද්ධි හිම් "දහම් වරුසා" පදනමෙ නිර් මාතෘ